NEWS

නෙදර්ලන්ත හිමිනම අපවත් වීමට පැය තුනකට පෙර පිණ්ඩපාතයේත් වැඩම කරලා

රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්තයේ ජීවනවංශ හිමි මරණයට පත්වීමට පැය තුනකට පෙර ඔරුවෙන් පිණ්ඩපාතයේ වැඩමකර ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.

පොල්ගස්දූව දූපතේ සිට ඔරුවෙන් පැමිණි හිමිනම ඇල්පිටිය පා​රේ හෙන්නතොට ප්‍රදේශයේ නිවාස පහළොවකට පමණ පිණ්ඩපාතයේ ගොස් ඇතැයි හෙළි වී තිබේ. එම නිවාස පහළොවට අයත් නිවැසියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි සටහන් කරගෙන ඇත.

එම නිවැසියන් ලබාදුන් ආහාර පාන සියල්ල උන්වහන්සේ ඔරුවෙන් ආරණ්‍ය සේනාසනයට රැගෙන ගොස් කුටියේ තබා ඇතැයි ද විමර්ශන නිලධාරීන් හෙළිකරගෙන ඇත.

මෙලෙස ඉකුත් 7 වැනිදා උදෑසන 7.30ට පමණ උන්වහන්සේ පිණ්ඩපාතය රැගෙන උදෑසන 8.00 වන විට කුටියට පැමිණ ඇත. ඉන්පසුව උන්වහන්​සේ පැමිණි ඔරුව පරප්පදූව දූපත දෙසට පාවෙමින් තිබී ඇත්තේ එදින (7 වැනිදා) උදෑසන 10.00ත් 10.30ත් අතර බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබේ.

මෙම මරණය උදෑසන අටත් දහයත් අතර සිදුවී ඇතැයි විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි. මෙය ඝාතනයක්ද එසේ නැත්නම් සියදිවි හානි කරගැනීමක්ද යන්න තවමත් නිශ්චිත ලෙස සොයා ගැනීමට නොහැකි වී ඇත.

විමර්ශනවලට අනුව රත්ගම කලපුවේ ධීවර වෘත්තියේ යෙදුණු ධීවරයන් පනස්දෙනෙකුද කැඳවා ඊයේ (18 වැනිදා) තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ලමාහේවා යටතේ මෙම විමර්ශන පැවැත්වේ

තිස්ස රවින්ද්‍ර පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *