NEWS

හඳුනා නොගත් වසංගත රෝගයක් නිසා පොලොන්නරුවේ ගවයින් තැන තැන මැරී වැටෙයි

පොලොන්නරුව ජල ගැලූ‍ම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් සොරුවිලවිල්ලූ‍ව හා හඳපාන් විල්ලූ‍වට ඇතුළත් කර සිටින ගවයින්ට හඳුනා නොගත් රෝගයක් වැළඳී පසුගිය(13*දා වන විට ගවයින් 25ක් පමණ මියගොස් ඇති බවත් මේ හේතුවෙන් වනෝද්‍යානයේ ජීවත්වන අනෙක් වනජීවීන්ටද

බෝවීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

වනජිවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් හා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පසුගිය(12*දා ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව එම ප‍්‍රදේශවල නිරීක්ෂණ මෙහෙයුමක් දියත්

කළහ. එහිදී අනාවරණය වූයේ සොරුවිලවිල්ලව හා හඳපාන්විල්ලූ‍ව ප‍්‍රදේශවල තැන තැන මැරී වැටී සිටින මීගවයින් 25කගේ මළ සිරුරු තිබෙන බවයි.

මෙම නිරීක්ෂණ මෙහෙයුමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්.එම්. කුමාරසිරි විජේකෝන් මහතා මෙසේ කීය.

‘‘අපට මේ සිද්ධිය 12වැනිදා හවස වාර්තා වුනේ. සහකාර අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත පොලොන්නරුව අඩවි කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද එක්ක වනෝද්‍යානයේ සොරුවිලවිල්ලූ‍වත් හඳපාන් විල්ලූ‍වත් ආශ‍්‍රිත ප‍්‍රදේශය පරීක්ෂා කළා. තැන තැන මිය ගිහින් සිටින ගවයින් 25ක ගේ මළ සිරුරු හමු වුණා.බැලූ බැල්මට පේන්නේ මේක වෙනත් අනතුරක් නෙමෙයි. වසංගත රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්.මේ ගැන

ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයෙන් පරීක්ෂණයක් සිදු කරාවි. අපි පසුගිය කාලෙම කීවේ ගෘහාශ‍්‍රිත සතුන් වනෝද්‍යාන තුළට ඇතුළු කරන්න එපා කියලා. විශේෂයෙන්ම කුර රෝග වැළඳිලා තියෙනවා නම් මුඛ රෝග වැළඳිලා තියෙනවා නම් වනෝද්‍යානයේ ඉන්න ගෝනා, මුවා විතරක් නෙමෙයි අලියාටත් රෝගය වැළඳීමේ අවදානමක් තියෙනවා.මේ පිළිබඳව අදම වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාත් පශුවෛද්‍ය අංශත් දැනුම්වත් කරන්න කටයුතු කරනවා.ඒ වගේම ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් හා පශු වෛද්‍ය ඒකක මට්ටමෙන් අපි ගව පට්ටි හිමියන්ව දැනුවත් කරන්න වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා. කඩිනමින්ම ගව පට්ටිවල මුඛ රෝග හරි කුර රෝග හරි තියෙනවා නම් ඒ සතුන් හඳුනාගෙන කඩිනමින් ප‍්‍රතිකාර කරන්න කියලා.ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා ජාතික වනෝද්‍යාන තුළට ගෘහාශ‍්‍රිත සතුන් ඇතුළත් කරන්න එපා. කවුරුවත් ඒ සඳහා අනුබලයක් දෙන්න එපා. මේ වසංගත තත්ත්වය අපේ වනජීවී සම්පත විනාශ වීමට හේතු වෙන්න පුළුවන්. කුර සතුන්ගෙන් පැතිරෙන්න පුළුවන්.පරීක්ෂණ සිදු කරන්න ඕන මෙය බෝ වෙන තත්ත්වයක්ද කියලා. කුර රෝග, මුඛ රෝග නම් වන අලියාටත් බෝ වීමේ හැකියාවක් තියෙනවා.”‍

වනජීවී රක්ෂිතය තුළ මිය ගිය සතුන් පිළිබඳව පශු වෛද්‍ය අංශවලින් පරීක්ෂණ සිදු කළ වහාම මියගිය සතුන් ගිනි දමා විනාශ කළ යුතු බවට සතුන් හිමියන්ට උපදෙස් දීමටද මෙහිදී වන ජීවී නිලධාරින් ක‍්‍රියා කළහ.

(දිවයින)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *