GOSSIP

“අල්ලයි මගෙ නැට්ට” හෝටලයකට මිලියන ගානක් පොල්ල තැබූ යහපාලන ඇමති දැන් කියන කතාව

යහපාලනේ කාලෙ (රොමැන්ටික්) වැඩවලට නම් දැරූ ගම්පහ දිසාවෙ එක්තරා දේශපාලන ප්‍රබලයෙක් හිටිය. උන්නැහේට භාරව තිබුණත් විනෝදෙට බර ගමන් බිමන්වලට සම්බන්ධ විෂයක්ලු.

වියපත් වුණත් කොල්ලො කරන වැඩවලට ප්‍රියකළ අමරණීය චරිතයක් වන මෙයා තමන්ගෙ (රොමැන්ටික්) වැඩ නිසා මාධ්‍යයෙන් මාර ප්‍රසිද්ධියක් ලැබූ කෙනෙක්…

මෙයා බලවතෙක් කාලෙ තමන්ගෙ යටතෙ තිබුණ එක්තරා නවාතැන් පොළකට උන්නැහේ තමන්ගෙ හිතවතුන් හිතවතියන් එක්ක නිතර ආව ගියා කෑම බීම… ඉඳහිට නවාතැන් ගන්න. මේ නවාතැන තියෙන්නෙත් කොළඹ නගරෙමයි…
ඉතින් මෙයා මෙහෙම කාල බීල සැප විඳගන්න නවාතැනේ බිල්පත් දිනෙන් දින ගොඩගැහුණ. එයාට තනතුර අහිමි වෙනකොට ගෙවන්න තිබුණ ගණන රුපියල් මිලියන දෙක තුනක් කියලයි තතු දත් අය කියන්නෙ. සුපුරුදු ලෙස ආණ්ඩුව මාරුවීමත් සමඟ මේ ගනුදෙනුවත් නොබේරා අර බලවතා මාරුවුණාලු. දැන් ඒ කතාව ආයෙම එළියට ඇදල තිබෙන්නෙ ඒ ආයතනෙ විගණන කස්ටිය….

කොහොම හරි ළඟදී නැවතත් දියවන්නාවට එන්න සටනක් දියත් කරල තිබෙන මේ දේශපාලන බලවතා මේ ගනුදෙනු ගැන කතා කරනකොට කියන්නේ “දැන් එයාල අල්ලයි මගෙ නැට්ට” කියලලු.

උපුටා ගැනීම -දේශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *