GOSSIP

“විජෙයි”ට අයත් කොටහේනේ ඉඩමක් මෙරට පිරිසක් එක්වී හොර ඔප්පු සාදා විකුණන්නට හදලා

තමිල්නාඩු සිනමාවෙ ජනප්‍රිය නළුවෙක් හැටියට (විජේ) ඉතාම ප්‍රසිද්ධයි. ජනප්‍රියත්වය නිසාම හොඳට වැඩ තිබෙන (විජේ) තමිල්නාඩු සිනමාවෙ කෝටිපතියෙක් හැටියටත් සලකනව.

මේ සිනමා නළු විජේගෙ බිරිඳ ශ්‍රී ලාංකික කාන්තාවක්. ඇගේ ඥාතීන් යාපනයෙත්, කොළඹ කොටහේනෙත් ඉන්නව. මේ සම්බන්ධය නිසා (විජේ) කල්පනා කළා කොළඹින් ඉඩමක් අරන් එහි අලංකාර මන්දිරයක් ඉදිකරන්න.

ඒ අනුව කොටහේන පැත්තෙන් එයා විශාල ඉඩමක් සල්ලි දීල ගත්ත. ඒකෙ වටිනාකම රුපියල් කෝටි හැත්තෑවක් අසූවක් විතර වෙනවලු.

ඉඩම ගත්ත කාලෙම කොරෝනාව පැතිරුණු නිසා එයාලට මේ රටට ඇවිත් තමන්ගෙ ඉඩමෙ නව මන්දිරය ඉදිකරන්න බැරිවුණා.

ඉතින් මේ හිස් ඉඩම කොටහේනෙ තිබෙන වටිනාම දේපොළක් නිසා මේකට ඇහැ ගහගෙන හිටපු ජාවාරම්කාර පිරිසක් ඉඩමට ගැලපෙන ඔප්පුවක් හදල ලොකු ගණනකට විකුණන්න යනකොට අන්තිම මොහොතෙ ඒක විජේලට දැනගන්න ලැබිල.

ඒ ගමන ඔහු මේ සිද්ධිය තමිල්නාඩු පොලීසියටත් ලංකාවෙ පොලීසියටත් පැමිණිලි කළාලු…. දැන් ආරක්ෂක අංශ මේ ගැන ඇහැ ගහගෙන ජාවාරම්කරු සොයන බවයි ආරංචි….

(දේශය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *