NEWS

“බුරවි” හානිය අවමයි..දැන් අවදානම ධීවර ප්‍රජාවට

ඊයේ රාත්‍රියේ දිවයිනට ඇතුලු වූ බුරවි සුළි කුණාටුව නිසා සිදුවූ හානිය ඉතා අවම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කරන්නේ දැනට වාර්තා වන පරිදි එක් ජීවිත හානියක් පමණක් සිදුව ඇති බවයි.

මෙම සුළි කුණාටුව අද දහවල් කාලය වන විට දිවයිනෙන් පිටත්ව අරාබි මුහුද කරා ගමන් කරන බවද ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් දැන් මෙහි අවධානම ඇත්තේ වක්‍රව බැවින් ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙනු ඇති බවද ,පුත්තලම,උතුරු සහ බස්නාහිර මුහුදු තීරයන්හි ධීවර කටයුතුවලින් ඈත් වී සිටින ලෙසද ඔහු අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *