NEWS

“අනඳ සවියෙන්” සාමාන්‍ය පෙළ සිසුන්‍ට නොමිලේම අන්තර්ජාලයෙන් දේශන මාලාවක්

අනඳ සවිය – 2020

ආදි ආනන්දයීය 125 වැනි සංවත්සර කණ්ඩායම (2012 කණ්ඩායම) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අ.පො.ස. (සා/පෙළ) සිසුන් සඳහා අධ්‍යයන අත්වැල, ‘අනඳ සවිය 2020’ සම්මන්ත්‍රණ මාලාව මෙවර රටෙහි පවතින අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව, අ.පො.ස. (සා/පෙළ) විභාගයේ අනිවාර්‍ය විෂයයන් වන විද්‍යාව හා තාක්ෂණවේදය, ගණිතය, සිංහල භාෂාව හා සාහිත්‍යය සහ ඉංග්‍රීසි භාෂාව යන විෂයයන් මෙම ක්‍රමය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අප කණ්ඩායම මේ වනවිට සූදානම්ව සිටී.

ඔබ විසින් කළයුත්තේ, මෙහි දැක්වෙන පෝරමය නිවැරදිව පුරවා මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වීම පමණි. ලියාපදිංචි වීම සඳහා 2020.12.02 දින තෙක් ඔබට කාලය ලැබෙන නමුත් මාර්ගගත ක්‍රමය ඔස්සේ වැඩි සිසුන් පිරිසකට සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට ඇති ප්‍රායෝගික අපහසුව හේතුවෙන් පළමුව ලියාපදිංචි වන සිසුන් 300 දෙනා සඳහා පමණක් මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා සම්බන්ධ වීමට ඉඩ සැලසෙනු ඇත. (First come first serve basis).

අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටල, අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අනුමාන ප්‍රශ්න පත්‍රයක් හෝ දිවයිනේ පාසල් හා විවිධ අධ්‍යාපන කලාපයන් වල ප්‍රශ්න පත්‍ර ඇසුරින් නිර්මාණය කරන ලද අනුමාන ප්‍රශ්න පත්‍රයක් විය හැකි අතර සම්මන්ත්‍රණයේදී අදාළ ප්‍රශ්න පත්‍රයට අමතරව ඉන් පරිබාහිර විෂය කරුණුද සාකච්ඡා කෙරෙනු ඇත. සම්මන්ත්‍රණ සියල්ලම මෙහෙයවීම එක් එක් විෂයන් සඳහා සුවිශේෂී වූ ප්‍රවීණ ගුරු මණ්ඩලයක් විසින් සිදුකරනු ලැබේ.

ගණිතය – සුචිර කාවින්ද මහතා
ඉංග්‍රීසි භාෂාව – ජයෙෂ්මි මධුරිකා මිය.
විද්‍යාව හා තාක්ෂණවේදය – ඩිලාන් මදුසංඛ මහතා
සිංහල භාෂාව හා සාහිත්‍යය – රසිකා බාලසූරිය මිය.

සම්මන්ත්‍රණයට පෙර, මෙහි ඔබ විසින් සඳහන් කරනු ලබන දුරකතන අංකයට වට්ස් ඇප් මාර්ගයෙනුත්, ඔබ සඳහන් කරන ඊ-මේල් ලිපිනයටත්, අදාල සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය සහිත ඇමුණුම ලැබෙනු ඇත. ඔබ විසින් අදාළ සම්මන්ත්‍රණය දිනයට ප්‍රථම එක් එක් ප්‍රශ්න පත්‍රය නියමිත කාලය තුළ නිමකර සම්මන්ත්‍රණයට සහභාගී විය යුතුය.

අදාළ සම්මන්ත්‍රණ මාලාව දෙසැම්බර් මාසයේ 05, 06 යන සති අන්තයේදීත් 12, 13 යන සති අන්තයේදීත් උදෑසන 8-12 දක්වා සූම් තාක්ෂණය (Zoom technology) ඔස්සේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ පිළිබඳ වැඩි විස්තර සහ සම්මන්ත්‍රණ සඳහා වන ලින්කුව (Zoom Link) ඔබට වට්ස් ඇප් හා ඊ-මේල් ඔස්සේ ඉදිරියේදී ලැබෙනු ඇත.

මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා හෝ ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබාදීම සඳහා හෝ කිසිදු මුදලක් අය නොකරන අතර ඔබගේ මිතුරු මිතුරියන් අතර මෙම පෝරමය හුවමාරු කර ඔවුන්ද මේ සඳහා සම්බන්ධ කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා විමසන්න.

පුබුදු දම්සර – 076 6212182
සම උප සභාපති – ආදි ආනන්දයීය 125 කණ්ඩායම

ඉෂාන් බණ්ඩාර -077 7210788
සම ලේකම් – ආදි ආනන්දයීය 125 කණ්ඩායම

ලියාපදිංචියට අදාළ ලින්ක් එක මෙතනින් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *