GOSSIP

වාහන නොමැති නිසා මන්ත්‍රීවරු තිදෙනෙක් පාර්ලිමේන්තුවට එන්නේ බස් රථයෙන් බව හෙළිවේ

නිල වාහන ලැබී නොමැති නිසා බස් රථයෙන් පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රීවරුන් තිදෙනෙකු පිළිබඳව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා.

කොළඹට බස් රථයෙන් පැමිණ එතැන් සිට ත්‍රී රෝද රථයකින් ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණෙන අතර පාර්ලිමේන්තු පිවිසුමේ සිට හිතවත් මන්ත්‍රීවරුන්ගේ වාහනයකින් ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණෙන බවද සඳහන්.

ත්‍රී රෝද රථ සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය ඇතුලට යාමට අවසර හිමි නොවීම එයට හේතුවයි.

මෙම මන්ත්‍රීවරුන් තිදෙනා මහනුවර,කෑගල්ල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක නියෝජනය කරන අය වනවා.

ඔවුනට රජයේ නේවාසිකාගාර ලැබී තිබුනද ඒවායේ ආහාර පිසීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා ඔවුන් එහි රැඳෙන්නට වැඩි කැමැත්තක් දක්වා නැහැ.

කෙසේ වෙත්ත් මේ සම්බන්ධව රජයේ ඉහළම තැන්වලට පවා දැනගන්නට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *