GOSSIP

සනීපාරක්ෂක තුවා සඳහා බදු පැනවූ බවට විපක්ෂයෙන් ගෙන ගිය පුවත බොරුවක් -Fact checkers වාර්තා කරයි

පසුගියදා ඉදිරිප්ත් කෙරුනු අයවැය මඟින් කාන්තවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා බද්දක් පැනවූ බවට විපක්ශය විසින්චෝදනා කර තිබුනා.එහෙත් ඒ සම්බන්ධයෙන් පල වූ පුවත් පිලිබඳව Fact Checkers ආයතනය සවිස්තරාත්මක සටහනක් පල කොට තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් ඔවුන් පලකර තිබූ ලිපියක කොටසක්.

ලංකාවේ ජනගහනයෙන් 50% කට වඩා සිටින්නේ කාන්තාවන්ය. ආර්ථිකව අපහසුතා හා අනවබෝධය වැනි කරුණු මුල්කරගෙන මාසික ඔසප්වීවලදී ප්‍රමාණවත් සනීපාරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් කාන්තාවන් නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරුවන බවට කාන්තා සුභසිද්ධිය සඳහා හඬ නගන සංවිධාන නොයෙක් වර අදහස් ප්‍රකාශ කර තිබුනා. පසුගිය ජනාධිපතිවරණ සමයේද මෙය විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය.

මේ අතර කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා 15% ක නව “මෙන්සස්” බද්දක් 2021 අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර අති බවට සටහන් රැසක් පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ජාලයන්හි මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ද සංසරණය වී තිබුණි. අපගේ කරුණු විමර්ශණයෙන් අනාවරණය වුයේ නොමග යවන සුළු මෙම සටහන් වලට මුල්වී තිබුනේ දැනට පවතින 30% ආනයන බද්ද, පිළවලින් 15% ආනයන බද්දක් සහ CESS (සෙස්) බද්දක් ලෙස වෙනස් කිරීමේ පුවත බවයි.

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 2021 අයවැය යෝජනාවලිය මගින් 15% ක නව බද්දක් පනවා ඇත්දැයි දැනගැනීමට අප මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළෙමු. ඔවුන් අපට පවසා සිටියේ 15%ක නව බද්දක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන ප්‍රවෘත්තිය සාවද්‍ය බවය.

රජයේ බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ දැනට 30% ක් ලෙස ඇති ආනයනය බද්ද 15% දක්වා අඩු කළ බවත්, එහෙත් කාන්තා සනීපාරක්ෂක තුවා නිපදවන දේශීය කරමාන්ත ආරක්ෂා කිරීමට එසේ අඩු කළ 15% ආනයනය බද්ද CESS බද්දක් ලෙස පනවා ඇති අතර මෙමගින් වෙළඳපලේ කාන්තා සනීපාරක්ෂක තුවා මිලේ වෙනසක් නොවන බවත් පැහැදිලි කර සිටියා.

සම්පූර්ණ ලිපිය මෙතනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *