ARTICLES

“බිස්නස් එක පටන් අරගෙන ටික කාලෙකින් තාත්තා නැතිවුනා.එතකොට මට අවුරුදු 20 යි.එදා මං හිතාගත්තා කොහොමහරි තනියම නැගිටිනවා කියලා” – ජීවිතය ජයගත් මිනිසෙකුගේ කතාව

ලෝකය හැමදාමත් එකම විදිහකට පවතින්නේ නැත.එය දිනෙන් දින දියුණු වෙයි.එහෙත් ඒ දියුණු වන ලෝකයාත් සමඟම ඉදිරියට යන්නට නොහැකි වූවන් හැමදාමත් එකම තැන හිඳිනු ඇත.ඉදිරියට ඇදෙන ලෝකයටද අභියෝග කරමින් පිම්මේ දුවනවුන් ලෝකය ජයගනු ඇත.

මගේ තාත්තා ඒ කාලේ කුළු බඩු එකතු කරා.මන් එතනිනුත් එහාට හිතලා ඒ කුළුබඩු අපනයනය කරා.”

මේ දිරිය මිනිසා අපට හමුවන්නේ මාතලේ පුරවරයෙනි.මාතලේ සහ මධ්‍යම පලාතේ කුළුබඩු ගොවීන් අතර ඔහු එකසේ ජනප්‍රියය.සාධාරණව ව්‍යාපාර කටයුතු කරනා ඔහු නිසාවෙන් දිවි සරු කරගන්නා ගොවි පවුල් ගණන 4000-5000 ක් තරම් ය.ඇතැම්විට ඊටත් වඩා වැඩිය.

ඔහු සීදේවි කුළු බඩු නිෂ්පාදන සමාගමේ සභාපති P.H.G.කරුණාරත්න මහතා ය.

ඔහුගේ කැපවීම මතින් ගොඩ නැඟුණු ව්‍යාපාරයේ අතීත කතාව ,කුළු බඩු තරම් නම්  රසවත් නොවේ.

බිස්නස් එක පටන් අරගෙන ටික කාලයක් යද්දි තාත්තා නැතිවුනා.මට එතකොට අවුරුදු 20 යි.මන් හිතුවා කවදා හරි දවසක තාත්තාගේ ව්‍යාපාරය ඉහලම තැනකට ගේනවා කියලා.ඒ කාලේ සීදේවි ස්ටෝර්ස් නමින් තාත්තා මාතලේ නගරයේ කුළු බඩු එකතු කලා.මම එතනින් එහාට අඩියක් ඉස්සරහට තියලා ඒ කුළුබඩු අපනයනය කරන්න පටන් ගත්තා “.

මේ ගමනේදී ඔහු මුහුණ දුන් අභියෝග රැසකි.ඇතැම් දිනවලදී  ගොවීන්ගෙන් ලබා ගන්නා ගම්මිරිස් ආදී කුළුබඩු කමත්වල වේලමින් සිටියදී වර්ෂාව නිසා ඒවා යළි ප්‍රයෝජනයට ගත නොහැකි තරමට විනාශ වූ අවස්ථාද තිබේ.

එහෙත් ඔහුගේ කැපවීම නිසාවෙන් අද වනවිට  ඔහුට නවීන තාක්ෂණයෙන් සමන්විත යන්ත්‍ර සූත්‍ර සහිත කර්මාන්ත ශාලාවක් ද හිමිය .

“ගම්මිරිස් වේලන මැශින් එකක් පවා දැන් තියෙනවා.ගම්මිරිස්,කරාබු,කෝපි,සාදික්කා,එනසල්,වසාවාසී වගේ කුළුබඩු මම ගොවීන්ගෙන් ලබා ගන්නවා.ඒ අයට වැඩි ලාභයක් දෙන්න ඕන.ඒ නිසා මම අපනයනය කරද්දි ඒ ගැනුම්කරුවන්ට අවශ්‍ය වන විදිහට ගුණාත්මකව නිෂ්පාදනය කරවීමට ගොවීන්ව උනන්දු කරවනවා.එතකොට ගොවි මහත්තුරුන්ටත් වැඩි ලාභයක් ගන්න පුලුවන් “.

ඔහුගේ අරමුණ මුදල් ඉපයීම පමණක් නොවේ.රටපුරා සිටින සැපයුම්කරුවන් සහ ගොවි මහතුන්ගේ සාර්ථකත්වයද ඔහුගේ අරමුණයි.ඒ වෙනුවෙන් ඔහු නිතරම උත්සාහ කරන්නේ ඔවුනට හොඳම මිලක් ලබා දීමටයි.

කුඩාවට පටන් ගත් ව්‍යාපාරය අක් මුල් දරා විසල් රුකක් ව නැඟෙන තුරු ඔහුට සවියක්ව සිටි අය ගැන අදටද ඔහුට මතකය.

මේ ව්‍යාපාරය කරද්දි නිතරම මුදල් අතේ තියෙන්න ඕනෙ.මොකද අපි නිෂ්පාදන ලබා ගන්න කාලෙදි ගොවීන්ට අතට සල්ලි දෙන්න ඕන.පුද්ගලික බැංකු ආවට පස්සේ අපිට ලොකු හයියක් වුනා.එතනිනුත් අංක එකට ඉන්නේ සෙලාන් බැංකුව.මාතලේ සෙලාන් බැංකුවේ මහත්තුරු මට ඒ කාලේ ඉඳලම උදව් කරා.ප්‍රධාන ශාඛාවේ ඉහළම නිලධාරිනුත් මගෙත් එක්ක ගොඩක් හිතවත්.ව්‍යාපාරය දියුණු කරගන්න ඒ අය නිතරම අතහිත දෙනවා.දැන් ඒ හැමෝම මගේ යාලු මිත්‍රයෝ.පවුලක් වගේ බැඳීමක් තියෙන්නේ “

නැගිටින්නට වෙර දරන මිනිසුන්ට අත හිත දෙනවා වෙනුවට ඔවුන්ව තලා පෙලා දමන්නට ඇතැමුන් කටයුතු කරද්දි සෙලාන් බැංකුව සිදු කරනා මෙම සත්කාරය නම් සැබවින්ම අගය කල යුත්තකි.

“ඉස්සරහට මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා,ගම්මිරිස් වලින් තෙල් හිඳින්න.ඒකට ගන්න ඕන බුබුලු ගමිමිරිස්.සාමාන්‍යයෙන් 60% ක්ම නිෂ්පාදනය වෙන්නේ බුබුලු ගම්මිරිස්.ඒක ගොවීන්ටත් හොඳයි.නැතිනම් ඵලදාව ගන්නකල් වගාව හොර හතුරන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ.කරදර ගොඩයි ඒ අයට.ඒ වගේම ගොඩක් රටවල් කැමතියි බෙහෙත් හෝ පොහොර වලින් තොරව කුළුබඩු නිෂ්පාදනය කරනවට.අපි දැන් ඒ විදිහට ගම්මිරිස් නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තියෙනවා කොම්පෝස්ට් පොහොර යොදාගෙන.මං කැමතියි ගොවීන්වත් ඒ විදිහට හුරු කරවන්න.එතකොට එයාලටත් වැඩි ආදායමක් ගන්න පුලුවන් “

ඔහු නිහතමානීව එසේ කියනුයේ තමා මෙන්ම තවත් අයෙකු හෝ දියුණුවෙනවා දකින්නට කැමති නිසාවෙන්මය.

සැබවින්ම රටට අවැසි වන්නේ විදෙස් විනිමය ගෙන එන මෙවැනි සාර්ථක ව්‍යාපාරිකයින් ය.උත්සාහවන්ත මිනිසුන් ය.රටක් දියුනු වන්නේ එවිට ය.

වීඩියෝව පහතින්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *