ARTICLES

කොවිඩ් නිසා වැටෙන්නෙ නැතුව අපනයනය කරලා බිස්නස් එක ගොඩ දාගන්න ටිප්ස් 5 ක් මෙන්න

කොවිඩ්..මේ අවුරුද්දේ අපි හැමෝගෙම ජීවිත වෙනස් කරපු වචනය.අපේ විතරක් නෙවෙයි,ලෝකයේ හැම තැනකටම හැම කෙනෙක්ටම පොදුවේ බලපාපු ප්‍රශ්නය තමයි මේ කොවිඩ් උවදුර.මේ ප්‍රශ්නයත් එක්ක අපේ රටේ සමහර සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ගේ ආදායම සැලකිය යුතු ආකාරයෙන් අඩු වුනා.අද අපි ඔබට කියන්නේ මේ ප්‍රශ්නයේදී වැටෙන්නෙ නැතුව කලින් සිටියාටත් වඩා ගොඩ යන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.


1.අලුත් වෙළඳ පොලක් සොයා ගැනීම

මේ ටිකක් ජයගන්න අමාරු අභියෝගයක් වගේ පෙනුනට ඇත්තෙන්ම මේ වෙලාවෙදි ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ඔබට තිබෙන හොඳම ක්‍රමය තමයි මේ.

ගොඩක් වෙලාවට අපි හිතන්නේ අපේ පාරිභෝගිකයින් ඉන්නේ අපේ රටේ විතරයි කියලා.එහෙම නැහැ..අපි කරන බිස්නස් වලින් 99% කටම පිටරට වෙලඳ පොලක් තිබෙනවා.

සමහර වෙලාවට දැනටම ඒ වෙලඳ පොල නිර්මාණය වෙලා තියෙන්නේ.එහෙම නම් තවත් ලේසියි.එහෙම නැතිනම්,අලුත් වෙළඳ පොලක් නිර්මාණය කරන්න ඔබට සිද්ද වෙනවා.මේකත් ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.කැපවීම වගේම නිවැරදිව හඳුනා ගැනීම තමයි මෙතනදි සිද්ද වෙන්න ඕනෙ.

පහුගිය දවසක සෙලාන් බැංකුවේ වැඩ කරන මගේ යාලුවෙක් හම්බවුනා.ඔහු කියපු දෙයක් මගේ හිතට තදින්ම කා වැදුනා.

“සමහර අවස්ථාවන් අපි විසින්ම නිර්මාණය කරගත යුතුයි.එහෙම වුනොත් ඒ අවස්ථාවල වැඩි වාසිය තියෙන්නෙත් අපිටම තමයි.මොකද එහි නිර්මාණකරුවා අපි නිසා”

මේ ලිපිය ලියන්නත් හේතු වුනේ ඔහුත් එක්ක කරපු කතාවෙදි කියවුන කරුණු කිහිපයක්.

හරි දැන් අපි බලමුකෝ,දෙවෙනි කරුණ මොකක්ද කියලා..

2.ආයෝජනයක් වෙනුවෙන් ණය මුදලක් ලබා ගැනීම

ඔබ මේ කරන්නෙ අලුත් වැඩක්නේ.ඒ කියන්නේ ආයෝජනයක්.අලුත් වෙළඳ පොලක් ජය ගැනීමට නම් ඔබ යම් යම් අලුත් දේවල් කිහිපයක් කල යුතුයි.ඒ වෙනුවෙන් ඔබේ අතේ යම් මුදලක් තිබිය යුතුයි.ඒ මුදල ලබා ගන්නේ කොහොමද..මේක තමයි දැන් ඔබට එන ගැටලුව.

සාමාන්‍යයෙන් බැංකුවකින් ණය මුදලක් ගන්න ගියාම රටේ නැති කතන්දරනේ.හැබැයි අපි ගොඩක් දෙනෙක් අතරෙ තියෙන මතයක් සහ අපි ගොඩක් අය අත්දැකපු දෙයක් තමයි,සෙලාන් බැංකුවෙන් ව්‍යාපාර සඳහා ණය මුදලක් බොහොම පහසුවෙන් ලබා ගන්න පුලුවන් කියන එක.

ඔවුන් අපෙන් ඉල්ලන්නේ අවශ්‍ය ලියකියවිලි විතරයි.ඒ වගේම ඒ අය අපේ වැඩේ බොහොම ඉක්මනින් කරලා දෙනවා.

ප්‍රධානතම කරුණ තමයි පොළිය.සුලු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ඔබට අඩුම පොලියකට ණය මුදලක් ලබා දෙන්නෙත් සෙලාන් බැංකුවම තමයි.පොලී ප්‍රතිශතය 6%-8% ක් වැනි බොහොම සුලු අගයක් තමයි වෙන්නෙ.

3.නිවැරදිව සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාවට නැංවීම

ඔබ අපනයනය කරන්නේ කුමන රටකටද යන්න නිවැරදිව සොයා බලා තීරණය කල යුතුයි. මොකද ඔබ යම් දෙයක් විකිණිය යුත්තේ එහි අවශ්‍යතාවය තිබෙන කෙනෙක්ටයි..ඒ වගේම ඒ අවශ්‍යතාවය තිබෙන කාලයටයි…බිස්නස් කරද්දි මේ දේ ගොඩක් වැදගත්.

ඒ නිසා අමතක කරන්න එපා,ඔබ විසින් අපනයනය කරන භාණ්ඩ ඒ රටට ලඟා වෙන දිනය,ඒවා භාවිතා කල හැකි කාලය ආදී කරුණු ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න.

ඒ වගේම නිවැරදි ඇසුරුම් කිරීම,ප්‍රමිතිය සහ සැලසුමකට මේ සියල්ල සිදු කිරීම අනිවාර්යයෙන්ම වෙන්න අවශ්‍ය දෙයක්.

එහෙම වුනොත් තමයි ඔබේ නිෂ්පාදනවලට ලැබෙන ඉල්ලුවම වැඩිවෙන්නෙ.

4.මහන්සියේ තරමට ලාභයක් ලැබෙනවද කියලා හිතන්න

ඔබට ව්‍යාපාරයකින් ලාභයක් ලැබීමට නම් එහි නිෂ්පාදන වියදමට වඩා ආදායම වැඩිවිය යුතුයි.මේක තමයි අපි කවුරුත් දන්න සරල කාරණය.

ඒත් දේශීයව ඔබ අපේක්ෂා කරන ලාභය ඔබට ලැබුනත්,අපනයන ක්‍රියාවලියේදී ඔබේ වියදම වැඩි වෙන්න පුලුවන්.ඒ නිසා මිල තීරණය කරද්දි වගේම මේ සියල්ල සැලසුම් කරද්දිත් ඒ දේ ගැනත් අමතක කරන්න එපා.

මොකද එහෙම නොවුනොත් වෙන්නෙ ඔබ සොයා ගන්නා අලුත් වෙළඳ පොල ඔබට වාසිදායක තැනක් නොවීමයි.

5.දන්න කියන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න

ඔබ මේ කටයුත්තේදී ණය මුදල ලබා ගන්නේ සෙලාන් බැංකුවෙන් නම් මේ කියන දේ ඔබට නොමිලේම ලැබෙනවා.

හේතුව ඔබ දන්නවා..සාමාන්‍යයෙන් වෙනත් බැංකු වගේ නෙවෙයි,සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ගන්න ගියාමත් ඒ අය ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා වගේම ඔබ වෙනුවෙන් නියෝජිත බැංකු සේවාවක්ද ක්‍රියාත්මක කරනවා.

ඔබට අවශ්‍ය මූල්‍ය විසඳුම් හඳුන්වා දෙනවා වගේම ඔබට අවශ්‍ය සහාය ලබා දෙන්නත් සෙලාන් බැංකුව කැප වෙනවා.ඒ වෙනුවෙන් සුලු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල යෙදෙන ඔබට තවත් විස්තර දැනගන්න පහත දුරකථන අංක වෙන් කර දී තිබෙනවා.

011 2456762
011 2456787

ඉතිං..හැමදාම එකම තැන තියෙන ඔයාගේ බිස්නස් එක ලෝකයටම අරගෙන යමුද..මේ තමයි ඒ වෙනුවෙන් ඔබට ලැබිලා තිබෙන හොඳම අවස්ථාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *