NEWS

ඔය ගුරු වර්ජනේ නතර කරවලා ඉස්කෝල පටන් ගන්න හැටි මම නම් දන්නවා -SB

 

මේ දිනවල සිදුකරන ගුරු වර්ජනය නතර කරවන හැටි තමා හොඳින්ම දන්නා බව හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ හඟුරන්කෙත පැවති ජනහමුවකදී .වර්තමාන ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා විසින් මෙම ප්‍රශ්නය සුහදව සාකච්ඡා කිරීමේ අරමුණින් සාකච්ඡාවක් කැඳවා ඇති බවත් මෙම ගුරු වර්ජනය මර්දනය කොට හෝ පාසල් වහාම ආරම්භ කළ යුතු බවත් ඔහු කියා සිටියා .

ලොව බොහෝ රටවල මෙන්ම අතීතයේදී ශ්‍රී ලංකා දේශපාලනය තුලද එවැනි මර්ධනකාරී ක්‍රියාවන් සිදු වූ බවත් ලෝකයේ බොහෝ රටවල් ඉහළටම පැමිණියේ මෙවැනි වර්ජනයන් නතර කොට බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කලා