NEWS

ගුරු දිනයේදී රට පුරා විරෝධතා

ලෝක ගුරු දිනය යෙදී ඇති අද දිනයේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් රට පුරා නගර ගණනාවක උද්ඝෝෂණ සිදුකර කරමින් සිටියි.

ඔවුන් ඉල්ලා සිටින්නේ තම සේවයේ ඇති වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙසයි.

තම ඉල්ලීම් ලබා දෙන තෙක් අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් පාසල් ආරම්භ කළ ද ඉගැන්වීම් කටයුතු සඳහා එක් නොවන බවත් එහිදී වෘත්තිය සමිති නායකයන් කියා සිටියහ.

විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ සහිත ප්‍රදර්ශන පුවරු ප‍්‍රදර්ශණය කරමින් විරෝධතාවේ යෙදී සිටිති.