NEWS

රට ඇරිය මේ සතියේම වර්ජනයක් අරඹන්න සූදානම්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබා දෙමින් තිබූ කොරෝනා අතුරු දීමනාව වසංගත තත්වය අවසන් වන තුරු දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර අද දිනය තුළ විසඳුම් ලබා නොදුනහොත් සතියේ ඕනෑම දිනයක එක් දින වැඩ වර්ජනයක් කැඳවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කියා සිටී.

ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 44ක නියෝජිතයන් අද කොළඹදී රැස්වන බවද සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා පසුගිය 27 වැනිදා සහ ඊයේ දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයන් තියන් දියත් කළ නමුත් ගැටළුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු කර නැති බවද ඔහු තවදුරටත් සදහන් කලේය.