GOSSIP

එන්නත බොරුවක්.. මිනිස්සු මැරෙන්නේ එන්නත නිසා.. ආයුර්වේද වෙදුන් එන්නතට විරුද්ධව නඩු මඟට ?

කොරෝනා වෛරස මසර්දනයට නිපදවා ඇති එන්නත් බලහත්කාරයෙන් එන්නත්කරණය නීතිවිරෝධී බව නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සඳහන් කරයි.

ඊට විරුද්ධව අධිකරණයට ගොස් නඩු පවරන බවත් දැනටමත් පොලිස්පතිතුමාට පැමිණිල්ලක් භාර දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ආයුර්වේද වෛද්‍ය බී.ඒ. රත්නපාල මහතා සඳහන් කරන්නේ මෙම එන්නත් පූර්ණ පරීක්ෂාවකට ලක් කර නැති බවත් කොරෝනා වසංගතය සඳහා එකම විසඳුම එන්නත්කරණය නොවූ ප්‍රතිශක්තිය ගොඩනැගීම බවත්ය.

තමන් කොරොනා එන්නත ලබා නොගත් බවත් පවසන ඔහු මිනිසුන් මිය යන්නේ එන්නත නිසා බවත් කියා සිටී.

චීනය කොරෝනා පාලනය කළේ එන්නතකින් නොවන බවත් එන්නත යනු ව්‍යාපාරයක් පමණක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.