GOSSIP

පවිත්‍රාට බලශක්ති – රමේෂ්ට සෞඛ්‍ය – ඩලස්ට ජනමාධ්‍ය – කැබිනට් සංශෝධනයේ රහස් ?

ඉදිරියේදී සිදුවන කැබිනට් සංශෝධනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව දැනට සෞඛ්‍ය ඇමතිවරයා ලෙසට කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට බලශක්ති අමාත්‍යධූරයද ,ජී.එල් පීරිස් මහතාට විදෙස් කටයුතු අමාත්‍යධූරයද ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දැනට ජනමාධ්‍ය ඇමතිවරයා ලෙසට කටයුතු කරන කෙහෙළිය රඹුක්වැල්ල මහතාට වැවිලි අමාත්‍ය ධූරයද,ඩලස් අලහප්පෙරුම මහතාට ජනමාධ්‍ය අමාත්‍ය ධූරයද ලැබෙනු ඇති.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය සහ ප්‍රසන්න රණතුංග මහතාට අධ්‍යාපන විෂයද ලැබෙනු බවයි දැනගනට ලැබෙන්නේ.