NEWS

03 වන කොවිඩ් මාත්‍රාවක් ලබා දෙන්න රජය සුදානම් වෙයි

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා තුන එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් බව රජය සඳහන් කරයි කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ඒ පිළිබඳ උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.

දැනට වාර්තා වන සංඛ්‍යා ලේඛන අනුව කොරෝනා වෛරසයෙන් මියගොස් වැඩි පිරිස එන්නත්කරණයට ලක් නොවූ වූ අය බව ද ඔහු සඳහන් කළේ.

එන්නත් ලබා ගෙන නැති ජනතාව හඳුනා ගැනීම පහසු වන පිණිස එන්නත් ලබා දුන් අයට විශේෂ හැඳුනුම්පතක් ලබා දීමේ වැඩපිළිවෙලක් යෝජනා වී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසුවේ.

මහනුවර දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ.