NEWS

කතරගම පෙරහැරේ නැටුම් කණ්ඩායමක 15 දෙනෙකුට කොවිඩ්

කතරගම මහා දේවලායේ ඇසල පෙරහැර ට සහභාගි වු නැටුම් කණ්ඩායම්වල 15 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඉකුත් 1 වෙනිදා නැටුම් කණ්ඩායම්වල සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවලින් අනතුරුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඔවුන් හඳුනා ගැනීමෙන් අනතුරුව කස, ගිනිබෝල සමඟ නැටුම් කණ්ඩායම් 4ක් පෙරහැරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඊයේ රුහුණු කතරගම ඇසල පෙරහැර මංගලයේ 9 වන පෙරහැර වීථී සංචාරය කෙරුණා.

ඒ අනුව සම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දෙමින් පෙරහැර මංගල්‍ය ක්‍රියාත්මක වුවද සීමිත නැටුම් කණ්ඩායම් කිහිපයක් එක්කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණා.