NEWS

ඕනෑම මොහොතක සංචරණ සීමා පැනවීය හැකියි – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචරණ සීමා පැනවීම ඕනෑම මොහොතක සිදුවිය හැකි බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් කොවිඩ් කාර්ය සාධක බලකාය විසින් අදාළ තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.

” සංචරණ සිමා පැනවීම සිදුකරන්නේ අදාළ කොවිඩ් රෝගීන් ගේ වාර්තා වීම සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක සිදුකරනු ලබන නිරීක්ෂණයකින් පසුවයි. එය දිනෙන් දීන වෙනස් වනවා. සමහර විට මොහොතකින් වෙනස් වෙනවා. ඒ සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන කමිටුව විසින් තීරණ ගනු ලබනවා.

ඒ තීරණය අද සවස හෝ හෙට වෙන්න පුළුවන්. කොවිඩ් අවදානම සම්බන්ධයෙන් රජය සැමවිටම අවදානයෙන් පසුවන බවද” අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී කියා සිටියා.