NEWSSPORTS

කොරෝනාවේ බලපෑමෙන් IPL තරගාවලිය අත්හිටුවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සම්බන්ධ නිලධාරින් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවා. ඒ අනුව කණ්ඩායම් කිහිපයකට ස්වයං නිරෝධායනට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී තිබුණා.