NEWS

මුදලින් 50,000ක් සහ ලිංගික අල්ලසක් ගැනීමට ගිය මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ ධාවන කළමණාකරුට සිදුවූ දේ

ඌව පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ ධාවන කළමණාකරු ප්‍රදීප් රණතුංග සිය කාර්යාලයේදී කාන්තාවකගෙන් රුපියල් 50,000.00ක අල්ලස්  මුදලක් ලබා ගනිද්දී අත් අඩංගුවට ගත් බව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරියෙකු සඳහන් කළා.

මෙසේ අල්ලස් ගෙන ඇත්තේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන සිසුසැරිය බස් රථයක් සදහා මාර්ග ධාවන බලපත්‍රයක් ලබාදීම හා ඉදිරි කටයුතු කිරීම සදහායි.

ඔහු මෙලෙස වැලිමඩ පදිංචි  තරුණියකගෙන් රුපියල් 50,000.00ක අල්ලස් මුදලක් ලබා ගැනීමට අමතරව එම තරුණියගෙන් ලිංගික අල්ලසක් ලබා ගැනීමටත් සැකකරු කටයුතු කර තිබෙන බව කොමිෂන් සභාවේ නිළධාරියෙකු සඳහන් කළා.

අත් අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සිදු කිරීමට කටයුතු සිදු කිරීමට නියමිතයි.