NEWS

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1500ක් හඳුනා ගැනේ

පළමු වරට දිනක් තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1500 සීමාව ඉක්මවා වාර්තා වී තිබෙනවා. අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,531ක්. මෙරටින් පිට පිට තෙවන දිනයටත් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වුවා.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 106,484ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 10,378ක්. මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 95,445ක්.

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතුරින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයවලුන් වනවා.